හෙළරට - දේශිය පුවත්

පානීය ජල ගැටළුවට අය වැයෙන් විසඳුම් …


දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ පා සිටින පානීය ජල ගැටළුව විසඳීමට මෙවර අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පවසා සිටියේ.


ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිවරයා රට පුරා කළ චාරිකාවේ දී ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් වූයේ පානීය ජල අවශ්‍යතාවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගද ජනාධිපති සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. ඒ අනුව ප්‍රමුඛ අවශ්‍යතාවක් සේ සලකා පානීය ජල ගැටළුව විසඳීමට සැලසුම් කර ඇතැයි ජනාධිපතිවරයා පවසා සිටියේ.


පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (01) බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වන අතරතුර ජනාධිපතිවරයා ජන හමුවකදී මේ බව සඳහන් කළෙ


අපේක්ෂක රෝහිත තිලකරත්න මහතා බණ්ඩාරවෙල, දෝව රජමහා විහාරය අසළ ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී ජජනාධිපතිවරයා දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ පා ඇති ගැටළු විසඳීමට පියවර ගන්නා බවද පැවසුවේය..

Related posts

ඇමෙරිකාවේ හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා..

Helarata

හොඳටම රා බී නාවලපිටිය සභාපතිවරයා ඇතුළු 7ක් හෝටලයක සුදු කෙළිමින් ඉඳලා..

Helarata

කාසල්රි මාවුස්සාකැලේ ජල මට්ටම නගී…

Helarata

Leave a Comment

Translate »