හෙළරට - දේශිය පුවත්

ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අැරඹේ…

2020 පාර්ලිමෙන්තු මහ මැතිවරණය වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ස්ථාන දෙකක දී අද උදෑසන ආරම්භ කළ බව කෑගල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී/ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කරයි. ඒ අනුව කෑගල්ල බාලිකා මහා විද්‍යාලයේ දී සහ ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ දී ඡන්ද පෙට්ටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.

කාර්ය මණ්ඩලයේ සියළු දෙනා අද උදෑසන වන විට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කර ඇති බවත් කිසිදු ගැටළුකාරී තතත්වයකින් තොරව සාමකාමී ලෙස සියළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී මහින්ද එස් වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවර පාර්ලිමෙන්තු මහ මැතිවරණය වෙනුවෙන් කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 9ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 12 ක් සහ ස්වාධීන කණ්ඩායම් 7ක අපේක්ෂකයින් 228 දෙනෙකු ඉදිරිපත් වී සිටි .

මේවැනි ආකාරයෙන් දිවයිනේ සියලුම මැතිවරණ දිස්ත්‍රික් වල ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදැසන සිදුවිය..

Related posts

අධිකරණය වැඩ අරඹයි…

Helarata

Staples Has Discounted The iPad Mini 4 By $100

Helarata

විදුලි සහනයට කමිටුවක්…

Helarata

Leave a Comment

Translate »