හෙළරට - ප්‍රාදේශීය පුවත්

සබරගමුවේ කොවිඩ් නිසා වැසුනු සංචාරක ව්‍යාපාරය යලි නගා සිටවනවා…

🖋️කෑගල්ල -ආර්. ප්‍රියශාන්ත , කෑගල්ල ජී.රාජපක්ෂ

කොවිඩ් 19 හේතුවෙන් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ වැසී ගිය සියළු ව්‍යාපාර රජය මගින් ක්‍රියාත්මක සහන ණය ව්‍යාපෘතිය යටතේ යලි ආරම්භ කිරිම සඳහා කටයුතු කර ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගිය දා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ එදින සබරගමුව පළාත් සංචාරක අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක පළාතේ සංචාරක කර්මාන්ත යළි ආරම්භ කිරීම සඳහා මහජන බැංකුවේද සහය මත කෑගල්ල පින්නවල එලිෆන්ට් බේ හෝටලයේ දී පැවති කෑගල්ල දිස්ත්‍රික් සංචාරක ව්‍යාපාරයේ සාමාජිකයින් හමුවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා පැවසූවේ, සබරගමුව පළාත තුළ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වැසීගිය සංචාරක, කෘෂි, කාර්මික, ප්‍රවාහන ඇතුළු සියළු ව්‍යාපාරික කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බව ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී සඳහන් කළේ ය.

ඒ අනුව, සියයට හතරේ පොලිය මත එම කර්මාන්තවල සේවක පඩි නඩි, බදුකුලී, භාණ්ඩ හා සේවා ලබාගැනීම ඇතුළු කාරක ප්‍රාග්ධන වියදම් සඳහා දිවයිනේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් සහන ණය ලබාදීමට රජය කටයුතු කර ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.

එම ණය සහන වැඩපිළිවෙල යටතේ ලබාගත් ණය වෙනුවෙන් කර්මාන්තකරුවන් සදහා මාස 06 ණය සහන කාලයක්ද ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කර ඇතැයි ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.

දිවයින පුරා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වැසීගිය ව්‍යාපාර යළි ආරම්භ කිරීමට අදාල කාරක ප්‍රාග්ධනය සපයා ගැනීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මහ බැංකුව විසින් රජය සහ පෞද්ගලික බැකු සඳහා රුපියල් බිලියන 150 මුදලක් නිදහස් කර ඇතැයිද සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට පළාත් සංචාරක අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) එම්.එල්.ආර්.ප්‍රේමරත්න, මහජන බැංකුවේ රත්නපුර ප්‍රාදේශීය කළමනාකරු සුනිල් පෙරේරා සහ කෑගල්ල ප්‍රාදේශීය කළමණාකරු යන මහත්වරු එක්ව සිටියහ.

Related posts

ස්වයං නිරෝධායනයේ සිටි අය බූරු ගහන්න ඇවිත්

Helarata

ජොන්සන් වැඩට එයි…

Helarata

කෑගල්ලේ මහමැතිවණයට සියලු කටයුතු සූදානම්…

Helarata

Leave a Comment

Translate »