හෙළරට - විදෙස් පුවත්

ඔබාමා ආර්යාවට ආතතිය…

තමා විෂාදය (Depression) නමැති මානසික රෝගී තත්ත්වයෙහි මූලික ලක්‍ෂණවලින් පෙළෙන බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිචෙල් ඔබාමා පසුගියදා පවසා තිබේ.

(විෂාදය යනු සිතෙහි සතුටක් නැතිවීම, කිසිවක් පිළිබඳ උනන්දුවක් ඇති නොවීම, කලකිරීම, පසුතැවීම වැනි මානසික තත්ත්වයන් නිතර සිත තුළ ජනිත කරවන රෝග තත්ත්වයකි.) තවමත් තමාට දැනෙන්නේ අවම මට්ටමේ රෝග ලක්ෂණ බවද ඇය වැඩි දුරටත් පවසා තිබේ.


මේ නිසා ගැටලුවලට තමා මුහුණ දෙමින් සිටින බව ඇය පවසයි. ‘මහ රෑට මට හදිසියේම නින්දෙන් ඇහැරෙනවා. මොනවා හෝ දෙයක් ගැන හිතට කරදරයක් දැනෙනවා. හිතේ බර ගතියක්දැනෙනවා’ යනුවෙන්ද ඇය සඳහන් කර තිබිණි.


විවිධ පුද්ගලයන් සමග පවත්වන සම්මුඛ සාකච්ඡා පෙළක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ විකාශය වන අතර ඇය තම මෙෙම රෝග තත්ත්වය ගැන හෙළි කර තිබුණේ එහි අලුත්ම සාකච්ඡාව අතරතුරය. මෙහි දී ඇය සාකච්ඡාව සඳහා කැඳවා තිබුණේ මිචෙල් නොරිස් නමැති ඇමෙරිකානු මාධ්‍යවේදිනියයි.

මෙම සාකච්ඡා පෙළෙහි පළමු සාකච්ඡාව ඇය
පැවැත්වූයේ ඇයගේ සැමියා වන බැරක් ඔබාමා සමගය. තමාගේ විෂාද තත්ත්වයට බලපා ඇති හේතු කිහිපයක් ගැනද ඇය සඳහන් කර තිබේ. කොරෝනා වසංගතය නිසා ඇතිව තිබෙන බලපෑමද ඒ අතරින් එකකි. එමෙන්ම ඇමෙරිකාව තුළ කළු ජාතික ජනයාට එරෙහිව ක්‍රියාත්මක වන ජාතිවාදී ප්‍රචණ්ඩත්වයද, ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයේ පවතින ගැටලුද තමා තුළ බලපෑමක් ඇති කර
තිබෙන බව ඇය පවසා ඇත.

මෙම තත්ත්වය ජය ගැනීම සඳහා තමා වැඩියෙන් ව්‍යායාම කිරීමටත්, තම සැමියා සහ සමීප මිතුරු මිතුරියන් වැනි හොඳ මිනිසුන් ඇසුරෙහි කල්ගත කිරීමටත් යොමුව සිටින බවද මිචෙල් මෙම සාකච්ඡාවේ දී සඳහන් කර ඇත

Related posts

ජර්මනියේ වෛරසය පාලනය වෙයි..

Helarata

ලෙබනන් යනවානම් PCR අනිවාර්යයි …

Helarata

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු කොරෝනාවට බිලි

Helarata

Leave a Comment

Translate »