හෙළරට - දේශිය පුවත්

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්..

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටි ගාමිණි සේදර සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවතත් පත් කළ අතර එම පත්වීම් ලිපිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු වෙත භාර දුන්නේය .


මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරය හෙබ වූ අවධියේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණි සෙනරත් මහතා 2019 නොවැම්බර් 21 වැනි දින මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට පත් විය.


කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් මහතා 1984 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිය හිමිකරගත් ඔහු විදේශ අධ්‍යයන පාඨමාලා රැසක් හදාරා තිබේ.

Related posts

Build Muscle By Making This Simple Tweak to Your Training Program

Helarata

රට සිටින අය ගෙන්වා ගැනිමට නව ක්‍රමයක්…

Helarata

Android Instant Apps Now Accessible by 500 Million Devices

Helarata

Leave a Comment

Translate »