හෙළරට - දේශිය පුවත්

අධිවේගයේ අලි ජරමරයක්…

මත්තල ලුණුගම්වෙහෙර ප්‍රධාන මාර්ගයේ මත්තල ගුවන් තොටුපොළට හැරෙන ස්ථානයෙන් ප්‍රධාන මාර්ගයට වන අලියෙකු කඩා වැදීම හේතුවෙන් (09 වැනිදා) සවස එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා ඇති විය.


දක්ෂිණ අධිවේගි මාර්ගයේ මත්තල පිවිසුම හා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට යන ප්‍රධාන මාර්ගයද මෙය වන අතර දිනපතා මෙම මාර්ගයේ විශාල වාහන ප්‍රමාණයක් ගමන් කරනු ලබයි. වැසි සහිත කාලගුණයත් සමග එකවරම මෙම වන අලියා කඩා වැදීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවකට පත් වූහ.

මෙම මාර්ගයේ නිතර වන අලින් එහා මෙහා මාරු වෙන අතර ඒ බව සඳහන් සංඥා පුවරු මාර්ගයේ නිසි පරිදි ස්ථාපිත නොකිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වන බව රියැදුරෝ පවසති. මාර්ගයට පැමිණි වන අලියා පැයක පමණ කාලයක් මාර්ගයේ ඒ මේ අත ගමන් කළ අතර ඒ ආසන්නයේ පදිංචි අයෙකු පැමිණ අලි වෙඩි දමා අලියා පලවා හැර තිබේ.

Related posts

නෙදර්ලන්ත සිසුවියට ලංකාවට ආදරේ හිතිලා….

Helarata

සෙබළියන් සමග කැරම් ගැසු තරුණයාට කොරෝනා …

Helarata

What You May Have Missed at the Alley 33 Fashion Event

Helarata

Leave a Comment

Translate »