හෙළරට - දේශිය පුවත්

ආදිවාසි දිනයට කොරෝනා ඔරවයි…

ලොව පුරා වෙසෙන ආදිවාසී ජනතාව මෙන්ම ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවද ලෝක ආදිවාසී දිනය පසුගිය අවුරුදුවලදී උත්සවාකාරයෙන් පැවැත්වුණේ අගෝස්තු 9 වැනිදාය.

එය මෙවර ලොව පුරා ව්‍යාප්තව පවතින්නා
වූ කොරෝනා වසංගත තත්ත්වය නිසා මෙම මස පහළොස් වන දිනට යොදාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වනිල්ලා ඇත්තතන් (09 වැනිදා) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.


හෙතෙම තවදුරටත් පවසා සිටියේ ආදිවාසි ජනතාවගේ පරම්පරාවේ වරිගස්භාව සෑම අවුරුද්දකම අගතෝස්තු මස අටවන දින ලංකාවේ සියලුම ආදිවාසි ගම්මානවල ආදිවාසින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බවය.


මේ අවුරුද්දේ දිනය වෙනස් කිරීමට කාරණා දෙකක් බලපෑ බවද ආදිවාසි නායකවරයා පැවසීය. ඉන් එක් කරුණක් ලෙස ඔහු පවසන්නේ මෙම මාසයේ පැවැති මහ මැතිවරණය නිසා එය කල් දැමූ බවය.


අටවන දින සහ නවවන දින තුළ වරිග සභාව පැවැත්වීමට කාලය මදි නිසා මෙම දින වෙනස් කිරීමට කටයුතු කළ බවත්, එය ලබන 15 හා 16 දිනවල දඹාන කොටබකිනියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත .

Related posts

ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 275,000 එහා යයි

Helarata

ගුවන්තොටුපළේ කලබලයක් කිසිවකු කර නැහැ..

Helarata

පොසොන් සඳ පෑයු පසු ඇඳිරිය ඉවත් වෙන හැඩ…

Helarata

Leave a Comment

Translate »