හෙළරට - දේශිය පුවත්

ජන්දය දුන් කුරුණෑගල ජනතාවට තූති….

එතෙක් මෙතෙක් මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වන පන් ලක්ෂ විසිහත් දහස් තුන්සිය හැට හතරක (527364) මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙමින් 2020 මහ මැතිවරණයේදී මා පිළිබඳව තැබූ විශ්වාසය මගේ ආදරණිය කුරුණෑගල ජනතාව ප්‍රථමයෙන් මාගේ කෘතවේදීත්වය පළ කරමි.

ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ 2020 මහ මැතිවරණය, මාගේ පනස් වසරක දේශපාලන ජිවිතයේ මා ඉදිරිපත් වූ මහ මැතිවරණයයි. 2015 මහ මැතිවරණයේ දී මා කෙරෙහි තැබූ විශ්වාසය මෙවර 2020 මහ මැතිවරණයෙදී වඩාත් ශක්තිමත් ලෙස තහවුරු කර ඇති බව කෘතවේදීව සිහිපත් කරමි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණපාමින් සිටින ප්‍රශ්න කෙරෙහි අපි පසුගිය දිනවල අවධානය යොමු කළෙමු.එකී ප්‍රශ්න තවත් මැතිවරණයක පොරොන්දු බවට පත් වීමට ඉඩ නොතබා විසදීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හා මා ඇතුලු රජය ඉදිරි කාලය තුළ කටයුතු කරමු.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරමින් මේ රට සංවර්ධනය කිරීමටත් ,සුරක්ෂිත කිරීමටත් කටයුතු කරන බව වගකීමෙන් ප්‍රකාශ කරමි.සංවර්ධන ක්‍රියාදාමයට පක්ෂ පාට බේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ සියලු දෙනාගේම දායකත්වය අපි අපේක්ෂා කරමු.

Related posts

සමගියේ ජාතික ලැයිස්තුව ….

Helarata

රට රැකියාවලට යන අය ලියාපදිංචිය 20සිට..

Helarata

චිනයේ කොරෝනා යලි හිස එසවේ..

Helarata

Leave a Comment

Translate »