හෙළරට - දේශිය පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු මෙන්න….

කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා නව ලේකම්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් (13 වැනිදා) පත් කරන ලද අතර මෙතෙක් අමාත්‍යාංශ ලේකම් තනතුරු නොදැරූ හත් දෙනෙක් ඒ අතර වෙති.

මෙවර පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහය. අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය කපිල පෙරේරාය. අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ, විදේශ අමාත්‍යාංශය සඳහා ද සිරිනිමල් පෙරේරා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය සඳහා ද පත් කර ඇත.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වන්නේ අනුරාධ විජේකෝන්ය. කේ.ඩී. ආර්. ඔල්ගා බලශක්ති අමාත්‍යාංශය සඳහා ද, ජගත් පී. විජේවීර ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා ද පත් කර ඇත. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ මීට පෙර ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රිියත් බන්දු වික්‍රම මෙවර ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

ඊයේ පත් කරන ලද ලේකම්වරුන්ගේ නාම ලේඛනය මෙසේය. ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු – අමාත්‍ය මණ්ඩල ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි – මහාමාර්ග අමාත්‍යාංශය එස්.ආර්. ආටිගල – මුදල් අමාත්‍යාංශය ජේ.ජේ. රත්නසිරි – රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය රවින්ද්‍ර හේවාවිතාරණ – වැවිලි අමාත්‍යාංශය අනුර දිසානායක – වාරිමාර්ග අමාත්‍යාංශය ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා – කර්මාන්ත අමාත්‍යාංශය වසන්තා පෙරේරා – විදුලිබල අමාත්‍යාංශය එස්. හෙට්ටිආරච්චි – සංචාරක අමාත්‍යාංශය ආර්.ඒ.ඒ.කේ. රණවක – ඉඩම් අමාත්‍යාංශය එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ – කම්කරු අමාත්‍යාංශය ආර්.එම්.අයි. රත්නායක – ධීවර අමාත්‍යාංශය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න – ආරක්ෂක අමාත්‍යාංශය එම්.කේ.බී. හරිස්චන්ද්‍ර – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය එන්.බී. මොන්ටි රණතුංග – ප්‍රවාහන අමාත්‍යාංශය ජේ.එම්.බී. ජයවර්ධන – වෙළෙඳ අමාත්‍යාංශය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ – සෞඛ්‍ය අමාත්‍යාංශය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා – කෘෂිකර්ම අමාත්‍යාංශය මේ අතර මීට පෙර අමාත්‍යාංශ ලේකම් තනතුරු දැරූ එස්.එම්. මොහොමඩ්, ජේ.ඒ. රංජිත්, ගාමිණී සෙනෙවිරත්න, එම්.එච්.පී.කේ. මායාදුන්නේ, ආර්.පී. ආර්යසිංහ සහ ඒ.එස්.එම්.එස්. මහානාම යන මහත්ම මහත්මීන්ට මෙවර එම තනතුරු හිමි වීය

Related posts

උපදෙස් නොතකා කට්ටිය ට්‍රිප් ගියා…

Helarata

බදුල්ලේ බලෙන් තේ දීලා…

Helarata

ඇදිරිනීතිය ඉවත්වේ..

Helarata

Leave a Comment

Translate »