හෙළරට - විදෙස් පුවත්

නවසිලන්තයේ ජන්දයට කොරෝනා හරස්වෙයි…

🖋️නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට ලියයි.

නවසීලන්තය තුළ නැවතත් කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැනීමත් සමග ලබන මාසයේ පැවැත්වීමට නියමිතව ඇති එරට මහ මැතිවරණය සම්බන්ධයෙන්ද අවිනිශ්චිත තත්ත්වයක් මතු වී තිබේ. පවතින තත්ත්වය තුළ නවසීලන්ත අගමැතිනි ජසින්දා ආඩර්න් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දැමීමටද පසුගියදා තීරණය කළාය. නමුත් මහ මැතිවරණය කල් දමනවාද යන්න ගැන තවමත් තීරණයක් ගෙන නොමැති බැව් සඳහන් වේ.

මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 19 වැනි දිනයි. යම් හෙයකින් එය කල් දමන්නේ නම් නොවැම්බර් 21 වැනි දිනට පෙර පැවැත්විය යුතු බවද වාර්තා වෙයි. පසුගිය දිනවල නව කොරෝනා වයිරසය නැවතත් සමාජය තුළ පැතිරෙන බවක් හෙළි වීමෙන් පසු මෙම තත්වය ඇතිවී ඇත.

Related posts

නවසීලන්ත අගමැතිනියගේ ජනප්‍රියත්වය ඉහළට…

Helarata

සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළේ තවත් පර්යන්තයක් වසයි..

Helarata

අරාබි වෙරළ විවෘත වෙයි..

Helarata

Leave a Comment

Translate »