හෙළරට - දේශිය පුවත්

බේබද්දන් ගැන කම්කරු ඇමැති විමසිල්ලෙන්….

කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් නිතර බීමත්ව සිටින බවට මේ වන විටත් තමන්ට පැමිණිලි ලැබී ඇතැයි (13වැනිදා) ඇමැති ධුරයේ වැඩ භාර ගනිමින් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසුවේය.

මෙලෙස ලැබී ඇති පැමිණිලි සත්‍ය නම් එය අමාත්‍යාංශයට විශාල අපකීර්තියක් බවද ඇමැතිවරයා කියයි. කම්කරු දෙපාර්තමේන්තුව පැවැරූ නඩු බොහෝමයක් පරදින බවත් එය කනගාටුදායක බවත් කී ඇමැතිවරයා නඩු පැරැදීමට හේතුව නිලධාරීන්ගේ නොසැලකිලිමත් බව යැයිද අමාත්‍යවරයා පැවසීය .


කම්කරු නඩු මෙහෙයැවීම පිළිබඳ අදාළ නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට පියවර ගන්නා බවද සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට (EPF, ETF) සාමාජික මුදල් නොගෙවන හාම්පුතුන් ගැන දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමැතිවරයා මෙහි දී අවධාරණය කළේය.

Related posts

නෙදර්ලන්ත සිසුවියට ලංකාවට ආදරේ හිතිලා….

Helarata

රුසියානු යුවතියට විහිළුකර ඇස් රතුකරගත් තරුණයෝ ඇතුළට…..

Helarata

පොළොන්නරුවේ පුදබිම් රැක්ක මුරකරුවන් ගැටලුවක..

Helarata

Leave a Comment

Translate »