හෙළරට - දේශිය පුවත්

වතුපිටිවල රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක්….

අත්තනගල්ල රජමහ විහාරාධිපති, සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට ලැබුණු ඉතා අවශ්‍යව තිබූ CT Scan යන්ත්‍රය මේවනවිට සවි කිරීමේ කටයුතු සිදුකරමින් පවතියි.


මෙම යන්ත්‍රය ස්ථාපිත කිරිම සදහාද නාහිමියෝ ගොඩනැගිල්ලක් ඉදිකර දුන්හ.යන්ත්‍රය සවිකිරිම නිරීක්ෂණය කිරීම සඳහා පන්නිල ආනන්ද නාහිමියේ එම ස්ථානයට වැඩම කළහ.මේ අවස්ථාවට රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සී.එන් බණ්ඩාර මහතා සහ රෝහලේ සැලසුම් අංශයේ වෛද්‍ය නිලධාරී චින්තක දිනේෂ් කුමාර මහතාද සහභාගි විය. තව නොබෝ දිනකින් මෙම Scan යන්ත්‍රය රෝගීන්ගේ අවශ්‍යතාවය සඳහා භාවිතා කිරීමට හැකියාව ලැබේ.වතුපිටිවල රෝහල අවශ්‍ය සියළුම පහසුකම් අත්තනගල්ලේ නාහිමිගේ ධන පරිත්‍යාගයෙන් ලැබි තිබේ.

Related posts

විදේශිකයන් සමඟ කොරෝනා ඒමට වැටබඳින්න යයි….

Helarata

ගුරු මාරුව ඇප් එකකින්..

Helarata

Financial Gravity Hosts AI Design Challenge For Tax Planning Software

Helarata

Leave a Comment

Translate »