හෙළරට - දේශිය පුවත්

එජාපයෙන් තරුණයන්ට තැන..

ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කර තරුණ නායකයන්ට දිස්ත්‍රික්ක භාරදෙමින් ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ සහයෝගයද මෙහිදී ලබාගන්නා අතර, එහිදී ඒ ඒ දිස්ත්‍රික්කවල පිහිටි වෙහෙර විහාරස්ථාන, පල්ලි කෝවිල් වැනි ස්ථානවලටද ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.


පක්ෂ නායකත්වයට පත් කළ යුතු සුදුසු පුද්ගලයා පිළිබඳව මහා සංඝරත්නයෙන් අදහස් විමසීමටද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා තිබේ.


එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ගේ දිවා භෝජන සංග්‍රහයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී (15 වැනිදා) පැවැත්විණි.


එජාාප පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, උප නායක රවි කරුණානායක හා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මෙහිදී කරුණු ඉදිරිපත් කර තිබේ.


පසුගිය මහ මැතිවරණයේදී වෙනත් දේශපාලන පක්ෂවලට සහයෝගය ලබාදුන් පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කර ඇත.

Related posts

හමුදා නිවාඩු අවලංගුයි ….

Helarata

හෝටල්වල නිරෝධායනයේදි මුදල් අයකරන්නෙ රජය හෝ හමුදාව නොවේ..

Helarata

දඹදිව වෙසක් පින්කම් බැතිමතුන්ගෙන් තොරව ( Photo)

Helarata

Leave a Comment

Translate »