හෙළරට - දේශිය පුවත්

කහකුඩු වල පාන් පිටි සහ සහල් පිටි …

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින්ක කල පරීක්ෂාවකදී වෙළෙඳ පොළේ අලෙවියට ඇති කහකුඩු බහුතරයකට පාන් පිටි සහ සහල් පිටි කවළම් කර ඇති බව හෙළිව තිබේ.

මෙරට තුල ඇකිවු කහ හිඟයත් සමග වර්ණක සහ පිටි කවළම් කර කහ විකුණන බවට ලද පැමිණිලිවලට අනුව ලබාගත් කහ සාම්පල රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කොට පරීක්ෂා කළ බව එම අධිකාරිය පවසා සිටියි.

රජයේ රස පරීක්ෂක නිකුත් කළ වාර්තාවලින් ඒ අනුව හෙළිව ඇත්තේ, අලෙවියට තබා ඇති කහ කුඩු වලින් 50% ක්ම පාන් පිටි සහසහල් පිටි කවළම් කර ඇති බවය.

එම කහ කුඩු අලෙවි කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය පැවසීය.

කහවලට විවිධ දේ මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් සාම්පල ලබාගනිමින් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකවේ.

මේ අතර උපරිම සිල්ලර මිල ඉක්මවා කහ අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව ද පරීක්ෂණ ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ ය.

කහ කුඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු. 750 ක් බව ද එම අධිකාරිය සඳහන් කර තිබේ.

Related posts

උකුස්සා කොටා බඹරු ඇවිස්සිලා…..

Helarata

සහරාන්ට බෝට්ටුවකින් ඉන්දියාවට පළා යන්න බදියුදීන්ගේ සහෝදරයා උදවු කළ බව හෙළිවේ…

Helarata

What You May Have Missed at the Alley 33 Fashion Event

Helarata

Leave a Comment

Translate »