හෙළරට - දේශිය පුවත්

ප්ලාස්ටික් කොස්සට ගුඩ්බායි…

පිටරට වලින් ගෙනෙන ප්ලාස්ටික් කොසු,ඉදල් ආදී අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ තහනම් කිරීම සඳහා,ආනයනික අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුවක් රජය සකස් කරමින් පවතින බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.


පසුගිය ද පරිසර අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව, එම අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කීවේය.


එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ,


“සමහර ඇමැතිවරු තමන්ට ලැබුණු අමාත්‍යාංශ පිළිබද සතුටකින් නොවෙයි ඉන්නේ. අමාත්‍යාංශ බෙදාදීලා තියෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට නොවෙයි. තවමත් සාම්ප්‍රදායික ක්‍රමයට සිතීම නිසයි සතුටක් ඇති නොවන්නේ.


නමුත්,මෙවර ජනාධිපතිතුමා අමාත්‍යාංශ බෙදාදීලා තිබෙන්නේ විෂයානුගතවයි. ඇමැතිවරුන්ට පවරා ඇත්තේ අමාත්‍යාංශ නොව වැඩකළයුතු විෂයයන්. ඒ නිසා පෙරදී වගේ මට බලය නෑ කියලා වැඩ කල් දැමීමේ හැකියාවක් නෑ. මාස හයකට පසුව ජනාධිපතිතුමා ඇමැතිවරු කරන ලද වැඩ කොටස් පිළිබදව ප්‍රගති සමාලෝචනයක් කැඳවනවා.

එහිදී කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන්ට සිදුවෙනවා තමන් කළයුතු වැඩ කොටස් ඉදිරිපත් කරන්න. මේ අමාත්‍යාංශ බෙදලා තිබෙන්නේ දුප්පත්කම තුරන් කිරීම සඳහායි. පිටරටින් භාණ්ඩ ගෙන්වීම නිසා අද වෙද්දී දේශීය කර්මාන්ත රැසක් අඩපණවී තිබෙනවා. චීනයෙන්, ඉන්දියාවෙන් ප්ලාස්ටික් කොසු, ඉදල් ගෙන්වීම නිසා කොහු ඉදල් දේශීය කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙනවා යැයි ඇමැතිවරයා කිය.

Related posts

බස්නාහිර, පුත්තලම ඇඳිරි නීතිය මැයි 4 දක්වා

Helarata

නැගෙනහිර පුරාවස්තු රැකගැනිමට ජනාධිපති කාර්ය සාධක බලකායක්…

Helarata

ඇමෙරිකාවේ මරණ 18,000 යි

Helarata

Leave a Comment

Translate »