හෙළරට - දේශිය පුවත්

ඇන්ජලා ට අවසන් ගෞරව මහ ඉහලින්…

🖋️ජනක හෙට්ටිආරච්චි

ඇතැම් මිනිසුන් බල්ලන් බලලුන් සේ මහ මග මිය යන යුගයක මිය ගිය මිනිසකුගේ අවමගුල් කටයුතු සිදු කෙරෙන පරිදිම මිය සුරතල් සුනඛයකු වෙනුවෙන්  අවමංගල්‍ය උත්සවයක් පැවතියේ  දලුව අන්තර් සමුද්ධ පිරිවෙන් විහාරස්ථානයේ දීය.විහාරාධිපති කල්පිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී , අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ගාලු මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන්ගේ අනුශාසනා පරිදි  මෙම කටයුතු සිදු කෙරිණ.

මීට දස වසරකට පමණ ඉහතදී විහාරස්ථානය අසල අතරමං කොට යන සුරතල් සුනඛ පැටවාට ” ඇන්ජලා” යයි නම් තැබෙන අතර එතැන් පටන් සතුන්ට මහත් කරුණාවක් දක්වන සුමිත්ත නාහිමියන් ගේ නොමද ආදරය රැකවරණය මධ්‍යයේ එම සතා හැදී වැඩෙන්නට විය.

දින දහයකට පෙර හදිසියේ අසනීප වූ ඇන්ජලා ප්‍රතිකාර සදහා පිලියන්දල බෙස්ට් කෙයා සත්ව රෝහලට ඇතුලත් කල බවත් එම සුනඛයාගේ  හදවතට වතුර යාම නිසා ඇති වූ රෝගී තත්වයෙන් එම සතාව බේරා ගැනීමට නොහැකි වූ බවත් සුමිත්ත නාහිමියෝ පවසති.එහිදී දින දින දහයක් පුරාවට මහත් කැපවීමෙන් ක්‍රියා කල රෝහල් කාර්‍ය මණ්ඩලයට සහ රුපියල් එක්ලක්ෂ හතලිස් නව දහසක 

පමණ රෝහල් බිල ගෙවීමට කටයුතු කල ඔටාරා ගුණවර්ධන මහත්මියට විශේෂයෙන්ම ස්තුතිය පුද කරන බවද උවහන්සේ පැවසූහ.

පෙරේදා (19 ) මිය යන සුනඛ ඇන්ජලා ව මල් ශාලවක් වෙත ගෙන ගොස් දෙනක බහා අන්තර් සමුද්ධ පිරිවෙන් භූමියට ගෙන යන විටත් එහි මහා සංඝරත්නය , දායක දායිකාවන් , දහම් පාසල් ගුරු මණ්ඩලය සහ දහම් පාසල් දරු දැරියන් ඇතුලු බොහෝ පිරිසක් අවමගුල් කටයුතු උසස් අයුරින් සංවිධානය කොට ඇත්තාහ.

පැමිණෙන සැමට සංග්‍රහ කටයුතු සිදු කරමින් සහ අනෙකුත් සියලු කටයුතු සිදු කරමින් යුහුසුලුව කටයුතු කල ඒ සියලු දෙනටම ස්තුතිය සහ පුණ්‍යානුමෝදනාව සිදු කරන බවද සුමිත්ත නාහිමියෝ පවසති .

මේ වන විටත් සුනඛයන් දහනව දෙනකු පමණ විහාරස්ථානයේ හැදී වැඩෙන බවද 

ඒ අතර මිය ගිය ඇනජලා සුනඛයා විශේෂ ගති ලක්ෂණ වලින් වූ අයකු බව මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියෝ පැවසූහ.දිනපතා බෝධි පූජාවට හා ධර්ම දේශනාවක් පැවැත්වෙන සෑම වේලාවකම ඒ අසලට විත් ඊට සවන් දීම පුරුද්දක් කොට ගෙන සිට ඇති එම සුනඛයාගේ අවමගුල් කටයුතු සාමාන්‍ය මනුෂ්‍යයකුගේ අවමගුලක් පරිදිම සිදු කිරීමට කටයුතු සංවිධානය   වන්නට එම කරුණු ද හේතු වන්නට ඇත . සති පට්ටාන සූත්‍රය විහාරස්ථාන භූමියේ වාදනය වන අතරේ එම සුනඛ ඇන්ජලාට අවසන් ගෞරව දක්වන්නට බොහෝ පිරිසක් පැමිණෙන්නට වූහ.

අවසන මතක වස්ත්‍ර පූජාව ද ඇතුලුව සියලු අවමගුල් චාරිත්‍ර සිදු කොට 19 දින සවස 6.30 ට පමණ භූමදාන කටයුතු සිදු කෙරුනේ වත්මන උපන් ගමන් 

පණ පිටින් හෝ ඝාතනය කොට තම සිගිති දරුවන්ව පවා වල දැමෙන තරම් පිරිහුණු

ඇතැම් මිනිසුන් කුරිරු බහුල කුරිරු සමාජයට සත්ව කරුණාව සහ

මනුෂ්‍යත්වය පිලිබඳ මනා ආදර්ශයේ පණිවිඩය ලබා දෙමිනි.

මෙම අවස්ථාව ට වයඹ පලාතේ ප්‍රධාන සංඝනායක ඉත්තෑපාන සුමන නාහිමියන් , ආණමඩුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වඩත්තේ සෝමානන්ද නාහිමියන් , කල්පිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පාදුක්කේ ධම්මදීපනී මෙහෙණින් වහන්සේ ඇතුලු පැවිදි ගිහි විශාල පිරිසක් සහභාගී වූහ.ඇන්ජලා සුනඛයා ට පින් පමුණුවනු වස් සත් දවසේ බණ සහ දානමය පිංකම ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Related posts

ඇමෙරිකාවේ මරණ 18,000 යි

Helarata

භාතිය සංතුෂ් සංගීතයේ මුදල් කොවිඩ් අරමුදලට ….

Helarata

ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 275,000 එහා යයි

Helarata

Leave a Comment

Translate »