හෙළරට - දේශිය පුවත්

ගොළු තාත්තා තිර පිටපත කෑගල්ල දිසාපති අතට…..

ශ්‍රී ලංකාවේ අවාසිදායක ග්‍රාමීය අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ රචනයක් වන ‘‘ගොළු තාත්තා ‘‘ ටෙලි නාට්‍ය යේ තිර පිටපත් රචක සහ අධ්‍යක්ෂ ඔක්ෂාන් විජේරත්න මහතා විසින් ගොළු තාත්තා තිර පිටපත කෑගල්ල මහ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාට අද (24) පිළිගැන්වීය.

ඔක්ෂාන් විජේරත්න මහතා කෑගල්ල අරණායක උස්සාපිටියේ උපන් කලාකරුවෙකි. අවශ්‍ය ඕනෑම විටෙක දිස්ත්‍රික්කයේ පාසැල් සහ කලායතනවල ඉගෙනුම ලබන දරුවන්ගේ සාහිත්‍යමය කටයුතු සඳහා සහය දැක්වීමට කැමැත්තෙන් සිටින බව ඔක්ෂාන් විජේරත්න මහතා පැවසුවේය.

ඔහු 2016 වසරේ පැවති හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර විය.

Related posts

ඇමෙරිකානුවන්ට යුරෝපයේ දොර වැසේ….

Helarata

ව්‍යාපාර ලෝකය ජයගත් ලංකාවේ පුංචි මිනිසා….

Helarata

කොරියාවේ රැකියාවලට පිටත්කිරිම ජුනි ..

Helarata

Leave a Comment

Translate »