හෙළරට - දේශිය පුවත්

එල්ලාවල නාහිමිගේ හැන්සාඩ් කතාබලා විග්නේෂ්වරන්ට පිළිතුරු දෙන්න…..

🖋️ජනක හෙට්ටිආරච්චි

එල්ලාවල නාහිමිගේ හැන්සාඩ් කතාබලා
විග්නේෂ්වරන්ට පිළිතුරු දෙන්න. යටමලගල සුමනසාර හිමියෝ නවක මන්ත්‍රීන්ට කියති

ද්‍රවිඩ භාෂාව ලංකාවෙි මුල්ම භාෂාවයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මහතා සිය පාර්ලිමේන්තු මංගල කතාවේදි ප්‍රකාශ කළේ ද්‍රවඩ ජනයා අතර වීරයකු වීමට සිතාගෙන යැයි සිංගප්පූරුවේ ක්විං ලින් විහාරයේ උපදේශක හා කැලණිය Dhamma Voice ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති යටමලගල සුමනසාර හිමියෝ පවසති.


මන්ත්‍රීවරයා කළේ තනිකරම ජාතිවාදය අවුස්සන ප්‍රකාශයක් බවත් එය සම්පුර්ණයෙන්ම හෙළා දැකිය යුතු බවත් උන් වහන්සේ පෙන්වා දෙති.


එසේම ද්‍රවිඩ සංධානයේ සිටි මන්ත්‍රීවරුන්ද වරින්වර ඔවැනි ප්‍රකාශ පහුගිය කාලයේදි පාර්ලිමේන්තුවේදි සිදුකළත් ඒ වනවිට පාර්ලිමේන්තුවේ සිටි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ එම මත බිඳ දමමින් සාධක සහිතව කරුණු දැක්වුවා.ඒ සියළු කතා හැන්සාඩ් ගතවි තිබෙනවා.එම නිසා විග්නේෂ්වරන්ගේ කතාවට නවක මන්ත්‍රීවරුන් පිළිතුරු දෙන්නේනම් ඊට පෙර එල්ලාවල මේධානන්ද නාහිමියන් පාර්ලිමේන්තුවේ දි කළ ප්‍රකාශ ගැන මුලින්ම අධ්‍යයනයක් කර සාධක සහිතව පිළිතුරු ලබාදිම වඩා වැදගත් වෙනවා.


මේ රටේ ලිඛිත කිසිදු සාධකයක් නැහැ දෙමළ භාෂාව රටේ මුල්ම භාෂාව කියලා.විග්නේෂ්වරන් එසේ කිවාට ඔහුට එය ඔප්පු කිරිමට කිසිම සාධකයක් නැහැ.නමුත් ඔහු තමන්ගේ ජනප්‍රියත්වය සදහා තමයි ඔවැනි ගිනි බෝම්බ අතහරින්නේ.මීට පෙරත් ඔහු එවැනි කතා කියා තිබෙනවා.ඒ නිසා ඔහුගේ කතා පිළිබඳව අප කලබල විය යුතු නැහැ.නමුත් මේවා ජාත්‍යන්තරයට යන නිසා පිළිතුරු දිය යුත්තේ සාධක සහිතවයි.ඒ ගැන නවක මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවිම වටිනවා යැයිද සුමනසාර හිමියෝ වැඩිදුරටත් කිහ.

එසේම විග්නේෂ්වරන්ලා හිතන දේවල් කරපු කාලේ දැන් පහුවි ඇතැයිද උන් වහන්සේ කියති.

Related posts

වසර 26 පසු “ශ්‍රීපත්” වෙළදපලට……

Helarata

Gadgets | Would You Strap On A VR Headset For Hours?

Helarata

අම්බලන්තොට පවුල් 3 ක 15ක් නිරෝධානයට…

Helarata

Leave a Comment

Translate »