හෙළරට - දේශිය පුවත්

දිවයිනේ සියලු මාර්ග සංවර්ධනයට…

රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරේදී ප්‍රතිසංස්කරණය කරන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව දැනුවත් කිරීමට ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දී සිටින ගැටළුවලට විසඳුම් දෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රීයව දායකවන්නැයි තවදුරටත් ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලීම් කළහ.


අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු සමග එක්ව රාජ්‍ය යන්ත්‍රණය කාර්යක්ෂමව යොදා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට විශාල වගකීමක් පැවරී ඇත.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරු පත් කළේ ඔවුන්ගේ මුළු කාලයම ඒ සඳහා වැය කිරිමටය.


බොහෝ දිස්ත්‍රික්කවලට පොදු සහ ඒවට පමණක් විශේෂිත වූ ප්‍රශ්න රජය හඳුනාගෙන තිබේ. පානීය සහ වාරි ජල අවශ්‍යතා, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, වන අලි ගම්වැදීම, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩු පාඩු කඩිනමින් විසඳීම රජයේ ප්‍රමුඛ අරමුණයි. එය ඉටු කර ගැනීම පිණිස අමාත්‍යවරුනට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට පත්වීම් දෙන අවස්ථාවේදීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු පත් කර ඇති ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තව දුරටත් පැවසීය .


දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල තත්ත්වය සමාලෝචනයටත්, පවතින ගැටළුවලට එවලෙහිම විසඳුම් දීමේ වැඩපිළිවෙළක් සැකසීමටත් ඉදිරියේදී පියවර ගනු ලැබේ.
2015 දක්වා රජය ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් කිහිපයක වැඩ නතර වී තිබේ. ඉදිරි අය වැයෙන් මුදල් වෙන්කර ඇණ හිට ඇති ඉදිකිරීම් සියල්ලෙහි වැඩ අවසන් කළයුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.


ඒ,බී.සී.ඩී ලෙස වර්ග කර ඇති දිවයිනේ සියලු මාර්ග මාගේ ධූර කාලය අවසන් වීමට පෙර කාපට් අතුරා සංවර්ධනය කිරීමට සැලැසුම් කර ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
අමාත්‍යාංශවල රාජකාරීවලට සහ නිලධාරීන් සමග සම්බන්ධ වී ක්‍රියා කොට දේශපාලනඥයා කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කළ යුතුය.
මා අපේක්ෂා කරන සහය දෙමින් රට සංවර්ධනයට උපරිමයෙන් කැපවන බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු සහතික වූහ.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

දෙවිවරු හීනෙන් ඇවිත් කොරෝනාවට බෙහෙත් කීවා කීම මිත්‍යාවක් – හෑගොඩ විපස්සි හිමියෝ කියති

Helarata

රට සිට එන අය PCR පරික්ෂණකර නිරෝධායනයට ..

Helarata

අමාදම් සිසිලස දම් දෙසුම කාල්ටන්හිදි….

Helarata

Leave a Comment

Translate »