හෙළරට - දේශිය පුවත්

බොල්ගොඩ වැවෙන් රැකියා ……


🖋️ජනක හෙට්ටිආරච්චි


බොල්ගොඩ ජලාශය පිලිබඳ වාර්තාවක් සකස් කොට රජයට ඉදිරිපත් කොට ඒ ආශ්‍රිතව රැකියා උත්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පාණදුර ප්‍රාදේශීය සභාවේ අවධානය යොමුව ඇත.


පාණදුර බොල්ගොඩ ගඟ ආශ්‍රිතව ඇති අනවසර ඉදිකිරීම් , අපද්‍රව්‍ය බැහැර කිරීම් සහ ගොඩ කිරීම් පිලිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් පාණදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා එම කරුණු අනාවරණය කළේය.


පානදුර ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය ඇතුළු එහි නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් පැවති එම නිරීක්ෂණ චාරිකාව අතර පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවසිය.


බොල්ගොඩ ජලාශය දුෂණය වීම පිළිබඳව පාණදුර ප්‍රාදේශීය සභාවට විශාල වශයෙන් පැමිණිලි ලැබෙනවා . සියලු තැන් වලදී කතා කෙරෙනවා.ඒ පිළිබඳව විමර්ශනය කල යුතුයි කියා තීන්දුවක් ගත්තා.පානදුර ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය , වැඩ අධිකාරිතුමිය ඇතුළු තාක්ෂණ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සමග බොල්ගොඩ ජලාශය පිළිබඳව අපි නිරීක්ෂණය කළා.

වර්තමානයේ සංචාරක කර්මාන්තයට ඉතාම උචිත ස්ථානයක් ලෙස මේ බොල්ගොඩ ජලාශය අපි හඳුනා ගත්තා.මිනිසුන්ට ආකර්ශනීය ස්ථානයක් කිරීමට පාණදුර ප්‍රාදේශීය සභාවට විශාල වත්කමක් නැහැ.ඒ පිළිබඳව අවබෝධයක් තියෙන නිලධාරීන් අපි සතුව නැහැ.මේ පිළිබඳව වාර්තාවක් සකස් කරලා සංචාරක අමාත්‍යතුමන්ටත් වර්තමාන රජයටත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.මේ ආශ්‍රිතව රැකියා උත්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කරන කොට පානදුර ප්‍රදේශයේ රැකියා අවශ්‍ය අයට ඒ පහසුකම් ලබා දිය හැකියි.බොල්ගොඩ ජලාශය වටා සංචාරක කර්මාන්තය පමණක් නොවෙයි මින් එහාටත් අධ්‍යනය කිරීමෙන් ඒ පිලිබඳ අවබෝධයක් ඇති කර ගත හැකියි.

Related posts

“පංචායුධ” ක්‍රමවේදය දිගටම ක්‍රියාත්මක කරන්න – වෛද්‍ය අනිල් ජාසිංහ

Helarata

පන්නිල හා චීන කොරටුව ගම් හුදකලා වෙයි.

Helarata

ලොවපුරා සෞඛ්‍ය අංශයට පාප්තුමාගෙන් පැසසුම්…

Helarata

Leave a Comment

Translate »