හෙළරට - ප්‍රාදේශීය පුවත්

ආර්ථිකය ඉහළ නැංවීමට තේ හිමියන් ශක්තිමත් කල යුතුයි – රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

🖋️කෑගල්ල ජී.රාජපක්ෂ , කෑගල්ල ආර්.ප්‍රියශාන්ත

කෑගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් ශක්තිමත් කරමින් දිස්ත්‍රික්කයේ ආර්ථිකය ඉහළ නැංවීමට දායක වෙමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු යැයි සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේවතු ආශ්‍රිතව බෝග කර්මාන්ත නවීකරණ, තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙසේ පැවසුයේ කෑගල්ල දිස්ත්‍රික් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලය මඟින් සංවිධානය කළ වැඩසටහනකට සහභාගී වෙමිනි.

තවදුරටත් මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය
කෑගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් ශක්තිමත් කරමින් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා සැළැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන් අතර කුඩා තේ වතු සමිති ශක්තිමත් කිරීම, පුහුණු වැඩසහෙන් සංවිධානය කිරීම යනාදී කාර්යයන් ඉදිරියේ දී සිදුකළ යුතු බවද පෙන්වා දුන්නේය.

ඒ අතරම කර්මාන්ත ශාලාවල පවතින ගැටළු නිරාකරණය කර ඩගැනීම සඳහා කටයුතු කරනබවද වැඩිදුරටත් පැවසීය.

කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහිදී සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තේ නැවත වගාවේ සුළු අඩුවීමක් දක්නට ලැබෙන අතර ප්‍රමිතියෙන් තොර තේ පැළ බාහිර දිස්ත්‍රික්ක වලින් ලබා ගැනීම තුළ තේ නිෂ්පාදනය මෙන්ම තේ කර්මාන්තයට ද ඉදිරියේ දී බලපෑ හැකි බව පෙන්වා දුන් අතර කුඩා තේ වතු සමිති ශක්තිමත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සේවය ලබාදීමටද ඉදිරියේ දී කටයුතු කරන බව පැවසීය.

මෙම අවස්ථාවට සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේවතු ආශ්‍රිතව බෝගකර්මාන්ත නවීකරණ, තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිලකරත්න බණ්ඩාර, කෑගල්ල කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කළමනාකරු ඩබ්.එච්.පී.එස් විජේතුංග යන මහත්වරුන් , තේ ව්‍යාප්ති ප්‍රාදේශීය නිලධාරීන් හා ආයතනයේ කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.

Related posts

කෑගල්ලෙන් ආපදා වලට පෙර සුදානමක්…

Helarata

බලංගොඩ ජලයට යටවු එළවළු පලතුරු ඉවතට…

Helarata

හපුගහකුඹුර විහාරයෙන් ආලෝක පූජාවක්…

Helarata

Leave a Comment

Translate »