හෙළරට - දේශිය පුවත්

කට වසා නොගත් අයට අනුරාධපුර වන්දනාව තහනම්…

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේ උඩමළුව පරිශ්‍රයටසහ රුවන්වැලිසෑ මළුවට මුව ආවරණ නොමැති කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදෙන බව උඩමළුව පොලිස් ස්ථානයේ
ස්ථානාධිපතිවරයා පැවසීය.


අනුරාධපුර අටමස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් රැගෙන එන වාහන
අනුරාධපුර පුදබිමේ ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධකවල දී පරික්ෂා කරන බවද පවසන පොලිසිය ඊට අමතරව ජය ශ්‍රී මහා බෝධි මුළුවට සහ රුවන්වැලි සෑ මළුවට ඇතුළු වන බැතිමතුන් සියල්ලන්
දෑත් සෝදගෙන මුව ආවරණ
පැලඳ සිටීදැයි පරික්ෂාව ලක් කරන
බවද කියයි.

සෞඛ්‍ය උපදෙස් නුගමනය නොකරන
කිසිවෙකුට මෙම පුදබිමට ඇතුළු වීමට කිසිසේත්ම ඉඩ නොදීමට පොලිසිය පියවර ගෙන ඇත .






Related posts

නුවරඑළියෙන් ජීවන් එකට…

Helarata

කහ , ඉගුරු ආනයනය අත්හිටුවයි..

Helarata

වැඩි මිලට කහ වික්කොත් නඩු දමයි…

Helarata

Leave a Comment

Translate »