හෙළරට - දේශිය පුවත්

දත් හා ඇස් අත්‍යවශ්‍ය ප්‍රතිකාර පමණයි…

පවතින තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ප්‍රතිකාර
පමණක් ක්‍රියාත්මක කිරීමට ජාතික අක්ෂි රෝහල සහ ජාතික දන්ත ශික්ෂණ රෝහල පියවර ගෙන ඇත.


කොවිඩ් -19 වසංගතය සමාජගතවීම පාලනය
කිරීම අරමුණු කර ගනිමින් රෝහල් පරිපාලනය මෙම තීරණය ගෙන ඇත.


ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.
එල්.එල්.යූ.සී. කුමාරතිලක පෙන්වා දෙන්නේ විශේෂිත අක්ෂි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් අදාළ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගෙන් යොමු කිරීම් ලිපියක්සමගින් රෝහල වෙත යොමුවිය යුතු බවය.


වයස අවුරුදු 14ට අඩු දරුවන් අනවශ්‍ය ලෙස
රෝහල් වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසද
වෛද්‍යවරිය ජනතාවට දැනුම් දෙයි.


ඊට අමතරව අක්ෂි ​රෝග ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්තමාට ආසන්නතම රජයේ රෝහලේ අක්ෂි සායනසඳහා යොමු වන ලෙසත් අධ්‍යක්ෂවරිය දැනුම් දෙයි.


එමෙන්ම කොවිඩ් -19 වසංගතය පාලනය වන
තෙක් දත් සුද්ද කිරීම සහ දත් පිරවීම වැනි අත්‍යවශ්‍ය නොවන කාරණා සඳහා රෝහලට පැමිණීමෙන්වැළැකී සිටින ලෙස ජාතික දන්ත ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන ජනතාවට දැනුම් දෙයි.

Related posts

රටට අසාධාරණයක් කරන ඕනෑම ජගත් සංවිධානයකින් ලංකාව ඉවත්කරගන්නවා

Helarata

ඇමෙරිකාවේ කොරොනා මරණ 4000 පනි.

Helarata

බලංගොඩ පස්කන්දක් වැටි බදුල්ල කොළඹ පාර වැසෙයි

Helarata

Leave a Comment

Translate »