හෙළරට විශේෂාංග

ජාතික සමගියට ආදර්ශයක් ලබා දුන් මුස්ලිම් තරුණයෙක්.

🖋️හෙම්මාතගම සමන් විජය බණ්ඩාර


46 වන සබරගමු පළාත් කායවර්ධන තරගාවලීයේ දෙවන ස්ථානය ලබා ගැනිමට හෙම්මාතගම නගරයේ කාය වර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන 31 හැවිරිදි එම්.එස්.එම්. අමීන් ක්‍රිඩකයා පසුගිය දින සමත් විය.
මෙම ක්‍රීඩකයා මෙම තරගයෙන් ජය ලබා ජාතික තරගයට තේරි පත් විමට වඩා ඔහුගේ කාය වර්ධන මධ්‍යස්ථානයේ තවත් සුවිශේෂි බවක් ඇත. එනම් ඔහුගේ කාය වර්ධන මධ්‍යස්ථානයේ වැඩි වශයෙන් පුහුණූවිම් ලබන්නේ සිංහල ජාතිකයන්ය. මාවනැල්ල සහ හෙම්මාතගම සිංහල, මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජිවත් වන අතර පසුගිය කාලේ බුදු පිළිම කැඩිම් මෙන්ම විවිධ අන්තවාදී ක්‍රීයා වාර්තා විම අතින් මෙම ප්‍රදේශ ලෝකය පුරා ජනප්‍රිය වෙද්දි අමීන් මහතා ක්‍රීඩාව හරහා ජාතික සමගියට ලබා දෙන ආදර්ශය බොහෝ සිංහල තරුණයන්ගේ කතා බහට ලක් වන්නේය.


දැනට හෙම්මාතගම නගරයේ පවත්වාගෙන යන ඔහුගේ කාය වර්ධන මධ්‍යස්ථානයේ සියට 90 කට වැඩි පිරිසක් සිංහල තරුණයන් කාය වර්ධන පුහුණුවිම් වල නිතර වන්නේය. මුස්ලිම් සහෝදරයන් මෙන්ම සිංහල තරුණයන් මෙම කාය වර්ධන මධ්‍යස්ථානයේ ඉතා සමගියෙන් යුතුව අනෝන්‍ය බැදිමෙන් පුහුණුවිම් වල නිරත වෙයි.


අමීන් ක්‍රීඩකයා කොට්ඨාංශ මට්ටමෙන් සිය ජයග්‍රහණය ලබද්දි ඔහු ඔසවාගෙන සිංහල තරුණයන් තම කාය වර්ධන මධ්‍යස්ථානයේ තමන්ගේ පුහුණුකරුවාගේ ජය බෙදා ගත් අතර 46 වන සබරගමු පළාත් කායවර්ධන දෙවැනි ස්ථානයක ලබා ගනිද්දිද වැඩියෙන්ම සතුටට පත් වුයේ සිංහල තරුණයන්ය. ඔහු සමග තරගයේ දෙවැනි තැන ලබා පැමිණි විගස සෙල්ෆි ගසන්නටත් ජායාරූප වලට පෙනි සිටින්නටත් ඉදිරිපත් වුයේ ක්‍රීඩාව හරහා ලබා දෙන සමගිය මෙන්ම ජාතික සමගියටද ආදර්ශයක් සපයමිනි.


කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය මෙන්ම මෙම ජාතික සමගියට ලබා දෙන ආදර්ශයක් ලබා දෙන අමීන් ක්‍රීඩකයා සොයා ගොස් ඔහු සමග කතා කර පසු අප සමග අමීන් මෙසේ පැවසිය.
මාගේ ගම හෙම්මාතගම ආසන්නයේ තිබෙන තල්ගස්පිටියයි. මම ඉගෙන ගත්තේ තල්ගස්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා. පාසලේදි මිටර් 100, 200 වාගේම යගුලිය කවපෙත්ත වාගේ තරග වලට පෙනි ඉදලා තියෙනවා. පාසල් අධ්‍යපනයෙන් පස්සේ මට ආශාවක් තිබුණා කාය වර්ධන ක්‍රීඩකයෙක් වෙන්න. එහෙම ඉන්නකොට තමයි මට හෙම්මාතගම කාය වර්ධන මධ්‍යස්ථානයක් දාන්න හිතුනේ මම විවාහකයෙක් එක් දරුවෙක් ඉන්නවා බිරිඳ නම් රැකියාවක් කරන්නේ නැහැ.
මම හෙම්මාතගම ටවුමේ කාය වර්ධන මධ්‍යස්ථානය දැම්මාට පස්සේ වෘත්තිය පුහුණු පාඨමාලාවක් කලා කාය වර්ධනය සම්බන්ධයෙන් ඒ විතරක් නොවෙයි ක්‍රීඩකයන් එක්ක උදේ සවස ක්‍රීඩා කටයුතු වල නිරත වුනා.


මුස්ලිම් සහෝදරයන්ට වඩා මාගේ කාය වර්ධන මධ්‍යස්ථානයේ වැඩි වශයෙන් කාය වර්ධන කටයුතු වල නිරත වන්නේ සිංහල සහෝදරයන්. මම අපේ මුස්ලිම් සහෝදරයන්ට වුනත් කියන්නේ සිංහල ජනතාව දිහා අපි ජාතිවාදි සහ වෙනත් අදහස් වලින් තොරව බලලා කටයුතු කරන්න. මට කාය වර්ධන මධ්‍යස්ථානය කරන කොට දැන් තේරෙනවා මාගේ ආයතනයෙන් ජාතික සමගියට කොයි තරම් පිටුවහලක් සපයනවාද කියලා. ඒ වාගේම අපි කෑමක් කැවත් වෙනත් ආහාරයක් කෑවත් බිවත් අපි එකට බේදාගෙන කනවා බොනවා.


හොඳම උදාහරණය තමයි මාගේ සිහිනය කාය වර්ධන තරගයකින් ජාතික තරගයක් ජය ලබා ගැනිම එහිදි මට ගොඩාක් උදව් කලෙත් සහාය ලබා දුන්නේ මාව හැම මොහොතකම දිරි ගැන්නුවේ මාගේ සිංහල සහෝදරයන්. මම කොට්ඨාංශ තරගයෙන් ජය ලබද්දි අපේ මාස්ටර් ජය ගත්තා කියලා සතුටු වුනේ මාව ඔසවාගෙන ගියේ ඒ අය. සබරගමු තරගයෙන් දෙවැනි තැන ලබද්දි පවා ඒ අය ගොඩාක් සතුටට පත් වුනා. ජාති ආගම් භේදයකින් තොරව ඒ අය මට ලොකු සාහයක් දුන්නා. එයාලාගේ සමාජ මාධ්‍ය වල මාත් එක්ක පොටෝ ගහලා දැම්මා.


මම ගොඩාක් සතුටට පත් වන්නේ ක්‍රීඩාවෙන් කොච්චර සමගියක් සමාජයට ඇති කරන්න පුළුවන්ද ඉස්සර අපි පොඩි දවස් වල වෙල් වල ක්‍රීඩා පිටි වල එකට සෙල්ලම් කලා ගම් වල අපි සුහඳව සිටියා. පස්සේ කාලයේ විවිධ වැරදි නිසා ජාතික සමගිය බිද වැටුනා දැන් අපි ඒ සියල්ල නිවැරදි කර ගත යුතුයි. අපි විවිධ වැරදි පුද්ගලයන් මෙන්ම වැරදි ආදර්ශයන් ලබා දෙන මග නොයා ජාතිභේද අමතක කරලා එක සහෝදයන් වාගේ සිටිය යුතුයි. මාගේ ජයග්‍රහණය ඇති විමටත් අපි අතර සමගිය වර්ධනය විමටත් මේ ක්‍රීඩාව ඉවහල් වුනා. එක මා ලබා ගත් සතුටක් යැයිද අමීන් ක්‍රීඩකයා අප සමග පැවසිය.


මෙම ක්‍රීඩකයා 80 බර පන්තියේ සබරගමු පළාත් කායවර්ධන තරගාවලීයේ දෙවන ස්ථානය ලබා ගෙන ඇත්තේ පසුගිය සැප් 22 වැනිදාය.

Related posts

හිස් චරිත මතුවීම හා පඬිවරුන්ගේ නික්මයෑම (යුගයක අවසානය)….

Helarata

බෞද්ධයන් රවටන ජාවාරම්කාර පූජා…

Helarata

ශ්‍රි ලංකා ඉතාලි කොරෝනා මිත්‍රත්ව අක්කිලාගේ සංගමයක්

Helarata

Leave a Comment

Translate »