හෙළරට - දේශිය පුවත්

අත්තනගල්ලේ නාහිමිගෙන් තවත් සමාජ සත්කාරයක්…

වතුපිටිවල මූලීක රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපනය කීරීම සිදු කෙරිණ. , අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරාධිපති සිනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය වතුපිටිවල රෝහල පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් කළ ඉල්ලීම පරිදි මෙම CT යන්ත්‍රය ලැබි තිබිණ. එම යන්ත්‍රය තැබීම සදහා ගොඩනැගිල්ල නාහිමියන් ධන පරිත්‍යාගයෙන් ඉදිකරවු අතර එම ගොඩනැගිල්ල අවස්ථාවට අත්තනගල්ල අරහන්ත රාජමහ විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නාහියමියන්ගේ හා ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණ. මෙම අවස්ථාවට කුරුවලානේ සිරි සීවලි හිමි, කලටුවාවේ හිම් ,උනගලාවේ සිරිනන්ද හිමි බෙල් පනාතර පියතිස්ස හිම් ඇතුලු මහසඟරුවන ,රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ,පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහෙන්ද්‍ර, ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර,ප්‍රාදේශීය මහ ලේකම් සම්පත් ගුණවර්ධන ප්‍රාදේශිය සෞඛ්‍ය නිලධාරීන් රෝහල් අධ්‍යක්ෂ බණ්ඩාර හිටපු රෝහල් අධ්‍යක්ෂ ප්‍රියන්ත , නිට්ටබුව ,වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරු රෝහල් කාර්ය මණ්ඩලය, රෝහල් පදනමේ සමාජිකයන් නිට්ටඹුව, වතුපිටිවල වෙළද සංගමයේ සාමාජිකයන් ඇතුළු සීමාසහිත පිරිසගේ සභාගිවුහ. නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් චාම් උත්සවයකින් CT ස්කෑන් යන්ත්‍රය ජනතාවගේ සේවාවට ව්වෘත කරන ලදි.

Video නැරැඹීම සදහා..

https://www.facebook.com/285000112101321/posts/704202173514444/?sfnsn=mo

Related posts

ත්‍රිපෝෂ නිවසටම

Helarata

සුමන හිමිගේ ප්‍රශ්නයේදි රඟපෑම් එපායැයි අමරපුර නිකාය කියයි…

Helarata

උසස්වීම් ඉල්ලා පොලිස් සැරයන්වරු 366ක් අභියාචනාධිකරණයට යයි…

Helarata

Leave a Comment

Translate »