හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ලෙන් 1939 ක් බහුකාර්ය සංවර්ධන බලකායට….

රජයේ සෞභාග්‍යය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක අඩුආදායම්ලාභී පවුල් වල සාමාජිකයින් ලක්ෂයක් සඳහා රැකියා ලබා දිමේ ජාතික වැඩසටහනේ පළමු අදියර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අදුම්කරුවන්ගෙන් 1939 දෙනෙකු තෝරා ගෙන ඇතැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.

කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවති කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ විශේෂ සාකාච්ඡාවකට සහභාගී වෙමිනි.

ඒ අනුව කෑගල්ල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයෙන් 210 දෙනෙක් ද, අරණායක කොට්ටාසයෙන් 162 , ගලිගමුව කොට්ඨාසයෙන් 143 , දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 100 , දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 182 , බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 105 , මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 334 , යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 141 , රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 225, රැවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 154 ක් සහ වරකාපොල කොට්ඨාසයෙන් 181 ලෙස අයදුම්කරුවන් ‍ තෝරා පත් කර ගැනීමට නියමිතය.

තවදුරටත් දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන මානව සම්පත් සංවර්ධන නිලධාරීන්, නිපුණතා සංවර්ධන නිලධාරීන්, විදේශ රැකියා පිළිබඳ නිලධාරීන්, ඵලදායිතා නිලධාරීන් හා තාක්ෂණික නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් අයදුම්කරුවන් පුහුණු කිරීමට කටයුතු කරන බවය. ක්ෂේත්‍ර 25 ක් සඳහා මෙම පිරිස යොමු කිරීමට නියමිතය . මෙම මස 26,27,28 යන දින එම පුහුණු වැඩසටහන් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නාලිකා පියසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකොන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර, ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කර්නල් එම් සෙනෙවිරත්න සහ මේජර් ආර්.ඩී.ඒ.එස් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Related posts

පූජාපිටියේ අලි පිරිසක් පොහොට්ටුවට අතගසයි…

Helarata

සමනළයන් ගැන වැඩි බියක් එපා…

Helarata

මහනුවර ඩෙංගු රෝගින් 1,114ක්…

Helarata

Leave a Comment

Translate »