හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගලු විත්ති විමර්ශන ග්‍රන්ථයේ දෙවන මුද්‍රණය එළි දැක්වේ…

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාජ, දේශපාලන හා ඓතිහාසික තොරතුරු ඇතුළත් කෑගලු විත්ති ග්‍රන්ථයේ දෙවන මුද්‍රණය එළි දැක්වීම ඊයේ (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.

කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ පුර්ණ මැදිහත් විම තුළින් කෑගලු විත්ති ග්‍රන්ථය දෙවන මුද්‍රණය කෙරිණි.

කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ග්‍රන්ථය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කය පිළිබද ලියවී ඇති ග්‍රන්ථ අතුරින් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් වන බවද ,දිස්ත්‍රික්කය පිලිබදව ගවේෂණය කරන්නන්ට සහ විද්‍යාර්ථයින්ට මෙන්ම හුදී ජනයාටද ගැලපෙන අයුරින් සරල බසින් සංගෘහිත කොට මෙම ග්‍රන්ථය දිස්ත්‍රික්කය පිළිබද අධ්‍යයනයේදී කේන්දීය සංරචකයක් වන බවය.

මෙම ග්‍රන්ථයෙහි කෑගල්ල දිස්ත්‍රික්කයේ භූගෝලීය පසුබීම , ඓතිහාසික පසුබිම, අධ්‍යාපන විද්‍යස්ථාන සහ විද්වත්හු , භාෂා සාහිත්‍ය, අධ්‍යාපන සමාජ තොරතුරු , ශිලා ලේඛන තොරතුරු වලින් සමන්විතය.
මෙහිදි කෑගලු විත්ති විමර්ශන ග්‍රන්ථය පිළිබදව විචාරය විමර්ශන නිලධාරී තරිදු බණ්ඩාර මහතා විසින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සමාගම් , වතු ප්‍රතිසංස්කරණ , තේ වතු ආශ්‍රිත භෝග , කර්මාන්ත නවීකරණ, තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, කලාපීය සහයෝගීකා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිනි රාජිතා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) නාලිකා පියසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානී රත්නසේකර, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන් , දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශිය ලේකම් වරුන් , දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීන් සහ සංස්කෘතික බල මණ්ඩල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Related posts

හෝර්ටන්තැන්නට දිනකට සංචාරක කණ්ඩායම් 50ක්…

Helarata

කෑගල්ලේ උපකාරක පන්ති තාවකාලිකව නතර කෙරේ…

Helarata

කෑගල්ලෙන් වගා සංග්‍රාමයට අත්වැලක්

Helarata

Leave a Comment

Translate »